23/11/2025
පස නැතුව වගා කරන අනාගත කෘෂිකර්මාන්තය!
‘Hydroponics', එහෙමත් නැත්නම්, 'පසෙන් තොර වගාව' කියලා කියන්නේ , සාමාන්‍යයෙන් පසෙහි ශාක වර්ධනයට අවශ්‍ය වන ලී කුඩු, බොරලු සහ පොල් කෙදි වැනි අමුද්‍රව්‍ය භාවිතා කිරීම වෙනුවට ජලය මූලික කරගත්, පෝෂක ද්‍රව්‍ය අඩංගු ද්‍රාවණ භාවිතා කර ශාක වැවීමේ තාක්ෂණයක් කියලා කියන්න පුලුවන්.
සාමාන්‍යයෙන්, ශාකයක් පසෙහි වර්ධනය වෙනවා නම්, පස මගින් ශාකය පොලොවට සවි කිරීමත්, ශාකයට සන්ධාරණය සැපයීමත් වගේම ශාකයට අවශ්‍ය පෝෂක සැපයීමත් සිදු වනවා. නමුත්, මේ කියන Hydroponics ක්‍රමවේදය තුල පස වෙනුවට ශාකයේ මූල පද්ධතියට ආධාරයක් සැපයීම සදහා Perlite, Rockwool, Clay pellets, Peat moss හෝ Vermiculate වැනි උදාසීන මාධ්‍යයක් තමයි භාවිතා වෙන්නේ.
මෙහිදී , ශාකයේ මුල් වලට,පෝෂක වර්ග ද්‍රාවණය සමඟ ඍජුව ගැටීමටත්, ශාකයේ වර්ධනයට අවශ්‍ය වන ඔක්සිජන් ලබා ගැනීමටත් ඉඩ සැලසීම සිදුවනවා.
විවිධ වගාවන් සදහා ගැලපෙන පරිදි පස සකස් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එය විශාල පිරිවැයක් ද දැරීමට සිදු වන්නක්. ඒ වගේම, සමහර අවස්ථා වලදී සමහර පස් වර්ග ශාක වර්ධනය සීමා කිරීමත් කෘෂිකර්මාන්තයේ දී මතු වන ගැටලුවක්. මීට අමතරව, පස තුල ශාක වලට රෝග ඇති කිරීමට සමත් නොයෙක් පණු වර්ග, ක්ෂුද්‍ර ජීවීන් වර්ග හමුවනවා. ඒ අතරම සමහර පස් වර්ග පහසුවෙන් ඛාදනයට ලක් වන සුලුයි. පස තුළින් ජලය කිදා බැසීම අවමයි.
මෙන්න මේ වගේ හේතු නිසා Hydroponics වගේ ක්‍රමවේදයකට මිනිසාගේ අවධානය යොමු වෙලා තියනවා.