Super A Plus Micro Credit

Super A Plus Micro Credit 🌟Your Successful Financial Partner for a
Winning Life

රාජ්‍ය වෙසක් කලාපයට සමගාමිව Super A Plus Micro Credit  සමාගම විසින් සංවිධානය කරනු ලබන ඔසුපැන් දන්සල, මාතර දික්වැල්ල වැව්...
30/05/2026

රාජ්‍ය වෙසක් කලාපයට සමගාමිව Super A Plus Micro Credit සමාගම විසින් සංවිධානය කරනු ලබන ඔසුපැන් දන්සල, මාතර දික්වැල්ල වැව්රුකන්නල රජමහ විහාරස්තානය අභියසදී මැයි 30 වන දින සවස 4 සිට පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් අරාධනා.

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!!!වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්...
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!!!

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදුව තිබීම යි. එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම ගියා. ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන් පසුව අත්ථ කිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලක දී බුද්ධත්වයට පත්වුණා. එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කළා. එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේ දී යි.

බුදුරජාණන් වහන්සේ එක් ආත්ම භවයක ධනවත් පවුලක සුමේධ නම් තරුණයෙකු ලෙසින් උප්පත්තිය ලැබුවා. නමුත් සුමේධ තරුණ වියට එළඹෙන විටම ඔහුගේ දෙමාපියන් කළුරිය කළා. ඉන් පසුව සුමේධ තරුණයාගේ දෙමාපියන්ගේ මුදල් පාලනය කළ තැනැත්තා මේ ඔබගේ පියාගේ, මවගේ, සහ සීයාගේ ධනය ලෙස පවසා විශාල ධන සම්භාරයක් ඔහුට ලබාදුන්නා. සිය දෙමාපියන් සහ සීයා මියයන විට එකදු රන් කහවණුවක්වත් රැගෙන ගියේ නැහැ. එම නිසාම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් සුමේධ තරුණයා සියළු ධනය ජනතාවට බෙදා දී තාපසයෙකු වනගත වී භාවනා කළා. ඉන් පසුව සෘධි බල ලබාගත් සුමේධ තාපසයා දිනක් සෘධියෙන් ගමන් කරන විට ගමක පිරිසක් පාරක් සකසමින් සිටියා. එම අවස්ථාවේ දී සුමේධ තාපසයාට දැනගැනීමට ලැබුණේ දීපංකර බුදුන් වහන්සේ වැඩීමට නියමිත මඟ එලෙස සකස් කරන බව යි. එදා සුමේධ තාපසයාත් මාර්ගයේ කොටසක් සකස් කිරීමට දෙන මෙන් ඉල්ලා සිටීමෙන් පසුව ඔහුට මඩ වලවල් පිරි දුෂ්කර කොටසක් ලැබුණා. සුමේධ තාපසයා වෙහෙස මහන්සි වී මාර්ගය පිළියෙල කළත් දීපංකර බුදුන් වහන්සේ වඩින අවස්ථාව වන විට එක මඩ වලක් පුරවා තිබුණේ නැහැ. එම අවස්ථාවේ දී සිය සිරුරෙන් මඩ වල වසාගත් තවුසා ඔහුගේ සිරුර උඩින් වැඩමකරන ලෙස බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එදා සුමේධ තවුසා එලෙස වීර්යය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ වෙසක් පොහොය දිනයක දී යි.

සිද්ධාර්ථ කුමාරයා සතර පෙරනිමිති දැකීමෙන් පසුව ලෝකවාසීන් දුකින් මුදාගැනීම සඳහා ගිහිගෙය හැර ගියා. සිද්ධාර්ථ කුමාරයා එලෙස දුටු සතර පෙරනිමිතිවලින් ව්‍යාධි රූපය දුටුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක දී යි. ඒ අනුව වෙසක් පොහොය දිනයක සිදුවුණු වැදගත් සිදුවීම් අතරට එයත් ඇතුළත් වනවා.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී දස මසකින් සිය උපන් ගම වුණු කිඹුල්වත් පුරයට වැඩම කළා. එම ගමනේ දී බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් තුළ තිබුණු මාන්නය දුරු කරලීම සඳහා යමා මහා පෙළහර පානු ලැබුවේත් වෙසක් පොහොය දිනයක දී යි.

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා ලෙසින් කටයුතු කළේ ආනන්ද තෙරුන් වහන්සේ යි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රෝහීණී ගඟ මධ්‍යයේ වාසය කළ ආනන්ද මහා රහතන් වහන්සේ වසර 120ක් ආයු වළදා පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දිනයක දී යි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී වර්ෂ 8කට පසුව මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැළනියට වැඩම කළේ වෙසක් පොහොය දිනයක දී යි. එදිනම සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කර එහි දී දිවා විහරණය කළා.

වෙසක් පොහොය දිනයේම විජය කුමරු ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට පැමිණියා. එලෙස පැමිණි විජය රජතුමා පසුව කුවේණියගේ ආධාරය ද ඇතිව ලංකාවේ පළමු රජතුමා ලෙසින් අභිෂේක ලැබුවා.

දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීමද වෙසක් පොහොය දිනයකදී සිදුවිය. දේවානම්පියතිස්ස රජුගේ හොඳම මිතුරෙකු වුණු ධර්මාශෝක රජතුමා විසින් එවන ලද සිංහාසනය, කඩුව, ඔටුන්න, හක්ගෙඩිය, සහ මිරිවැඩි සඟල යන පංච කකුධ භාණ්ඩ සහිතව දේවානම්පියතිස්ස රජතුමා දෙවන වරටත් රාජාභිෂේකය ලැබුවේ වෙසක් පොහොය දිනයක බව ලංකා ඉතිහාසයේ සඳහන් වනවා.

වෙසක් පොහොය දිනයේ සිදුවුණු තවත් විශේෂ සිදුවීම්
ඉහත සිදුවීම්වලට අමතරව රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කිරීම සහ මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල්ම වරට ආරම්භ වීම වැනි සිදුවීම් ද සිදුවුණේ වෙසක් පොහොය දිනයක දීයි. ඊට අමතරව අතීතයේ දී සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය කර තිබෙන්නේ ද වෙසක් පොහොය දිනයක යි.

තෙරුවන් සරණයි!🙏🏼🙏🏼

29/05/2026
රාජ්‍ය වෙසක් කලාපයට සමගාමිව Super A Plus Micro Credit සමාගම  විසින් සංවිධානය කරනු ලබන ඔසුපැන් දන්සල, මාතර තිහගොඩ මිදෙල්ල...
29/05/2026

රාජ්‍ය වෙසක් කලාපයට සමගාමිව Super A Plus Micro Credit සමාගම විසින් සංවිධානය කරනු ලබන ඔසුපැන් දන්සල, මාතර තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්තානය අභියසදී මැයි 30 වන දින සවස 4 සිට පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් අරාධනා.

"කැපකිරීම, ඉවසීම සහ කරුණාව සිහිපත් කරන උතුම් ඊද් අල්-අද්හා දිනය අදයි. 🤲✨අද දින  සිහිපත් කරන්නේ ඉබ්‍රාහිම් නබිතුමාගේ දැඩි...
28/05/2026

"කැපකිරීම, ඉවසීම සහ කරුණාව සිහිපත් කරන උතුම් ඊද් අල්-අද්හා දිනය අදයි. 🤲✨

අද දින සිහිපත් කරන්නේ ඉබ්‍රාහිම් නබිතුමාගේ දැඩි කැපකිරීම සහ දෙවියන් වහන්සේ කෙරෙහි ඔහු දැක්වූ අචල භක්තියයි. මෙම දිනයේදි ලොවට කියා දෙන්නේ අප සතු දේ අසරණයන් සමඟ බෙදාහදා ගැනීමේ උතුම් ගුනාංගය සහ පවුලේ බැඳීම්වල ඇති උතුම් බවයි.

ඔබ ​සැමට සාමය සහ සතුට පිරි සුබ ඊද් අල්-අද්හා උත්සවයක් වේවා! 🌙⭐

අප ආයතනයේ  ප්‍රථම සංවත්සරය නිමිත්තෙන්, පසුගිය 15වන දින, රුහුණු පුරවරයටම ආවේණික සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර  වලට අනුව...
27/05/2026

අප ආයතනයේ ප්‍රථම සංවත්සරය නිමිත්තෙන්, පසුගිය 15වන දින, රුහුණු පුරවරයටම ආවේණික සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව, සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය සහ උදෑසන සංඝගත දක්ෂිණාව උදාර වූ දැහැමි සිතුවිලි පෙරදැරිව පැවැත්විය.
මෙහි ප්‍රධානතම අරමුණු වූයේ අප ආයතනයේ ඉදිරි ගමනට, ආයතනයේ සේවකයින්ට මෙන්ම අප ආයතනයේ පාරිභෝගික බවතුන්ට සෙත් පැතීම සහ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ලෝවාසී සියලුම දෙනාට සහ ලෝකයේ ව්‍යාප්තව ඇති සියලුම වගා භූමින්, වගාකරුවන් ඇතුලුව එම ආයතන , සියලු කරදරවලින් තොරව , සියලු ස්වභාවික විපත්වලින් තොරව , සාර්ථක ව ඉදිරියට ගෙනයාමට ආශිර්වද ලැබේවායි යන උදාරා චේතනාවන්ගෙන් යුතුව විශ්වීය ආශීර්වාදය පතමිනි.
එසේම මෙම උදාර කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අපගේ ආරාධනයෙන් වැඩමවා වදාළ, ගෞරවනීය මහා සංඝරත්නයට අපගේ නමස්කාර පූර්වක ස්තූතිය පුද කරන අතරම , මේ සඳහා නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටම මේ මහා කුසලයන් අනුමෝදන් වේවායින් අප ප්‍රාර්ථනා කරන්නෙමු.
පින් කැමති ඔබ සැම මේ මහා පුණ්‍යකර්මය දැකබලාගෙන පහන් සිත් උපදගනිත්වා...!

✨ලබන්නා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමගේ සිතුම් පැතුම් ඉටුවන, නිරෝගීසම්පන්න, සාමය සතුට පිරි සුබම සුබ අලුත්...
13/04/2026

✨ලබන්නා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමගේ සිතුම් පැතුම් ඉටුවන, නිරෝගීසම්පන්න, සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏🙏🙏✨...

Super A Plus Micro Credit (Pvt) Ltd.

✨අලුත් අවුරුද්දේ ඔබට වටිනා රැකියාවකට අවස්ථාවක්! 💼🌟අපගේ සුපර් A+ මයික්‍රෝ ක්‍රෙඩිට් (පුද්ගලික) සමාගමේ ශාඛාවන් සඳහා නිළධාර...
16/01/2026

✨අලුත් අවුරුද්දේ ඔබට වටිනා රැකියාවකට අවස්ථාවක්! 💼🌟

අපගේ සුපර් A+ මයික්‍රෝ ක්‍රෙඩිට් (පුද්ගලික) සමාගමේ ශාඛාවන් සඳහා නිළධාරීන් බඳවා ගනු ලැබේ. ඔබත් උද්යෝගිමත්, දක්ෂ පුද්ගලයෙකු නම් අදම අප හා එක්වන්න!

අයදුම් කළ යුතු ආකාරය: ඔබේ CV පත්‍රිකාව දැන්ම පහත අංකයට WhatsApp කරන්න හෝ අමතන්න: 📲 077 28 29 288

අනාගතය ජය ගන්න අදම අපේ කණ්ඩායමට එකතු වෙන්න! 🤝 Super A+ Micro Credit (Pvt)Ltd.

🎉Happy New Year ! 2026💫⭐To those striving to make their business dreams a reality, may you have a prosperous 2026 New Ye...
31/12/2025

🎉Happy New Year ! 2026💫

⭐To those striving to make their business dreams a reality, may you have a prosperous 2026 New Year filled with courage and strength! We wish you a successful year where your finances grow even stronger....🙏

Address

598 M, Hirimbura Road, Karapitiya
Galle
80000

Opening Hours

Monday 08:30 - 05:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00

Website

Alerts

Be the first to know and let us send you an email when Super A Plus Micro Credit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share