18/08/2024
වායුගෝලය සුරකිමින් නිදහසේ හුස්ම අරගමු !
පෘථිවි වායුගෝලය යනු පොළොව වටා ඇති වායු තට්ටුවයි. එය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය ආසන්නයේ රැඳී තිබේ. එහි 78.08% නයිට්‍රජන්ද, 20.95% ඔක්සිජන් ද, 0.93% ආගන් ද, 0.038% කාබන්ඩයොක්සයිඩ්ද,අනෙක් වායූන් අංශු මාත්‍ර වශයෙන්ද, වෙනස් වන ප්‍රමාණයකින් (1% පමණ) ජල වාෂ්ප ද අඩංගු වේ. මේ වායු මිශ්‍රණයට වාතය යැයි කියනු ලැබේ. මේ වායුගෝලය පෘථිවියේ ජිවින් ආරක්ෂා කරනුයේ සූර්ය කිරණවල අඩංගු පාරජම්බුල වැනි අහිතකර කිරණ උරා ගැනීමෙන් හා දිවා රෑ අධික උෂ්ණත්වය අඩු කිරීමෙන් ය.
මෙම වායුගෝලය තුළ විවිධ චක්‍ර වර්ග අඩංගු වේ. ඒවා නම් ඔක්සිජන් චක්‍රය, කාබන්ඩයොක්සයිඩ් චක්‍රය, ජල චක්‍රය වශයෙන් වේ. මේවා ස්වභාවික චක්‍ර ලෙස ක්‍රියා කරයි. මේවාට අනුකූල නොවන ආකාරයට වායුගෝලයට කොටස් නිදහස් කිරීම මෙන්ම අමතර වායූන් මෙන්ම වෙනත් ඝණ අංශු වර්ග වායුගෝලයට නිදහස් කිරීම සිදුවෙයි. මෙමඟින් වායුගෝලයේ තුල්‍යතාවය බිඳවැටේ. මෙය වායුගෝලීය දූෂණය නම් වේ. වෙනත් ලෙසකින් කිවහොත් වායු දුෂණය යනු, සෞඛ්‍යයට හානිදායක, පරිසරයට අහිතකර බලපෑම් ඇති කරන හා ස්වභාවික ක්‍රියාකාරිත්වයට බලපාන ද්‍රව්‍ය සහ ශක්තිය නිදහස් කිරීම නිසා වාතයේ තත්වය පිරිහී යාමයි.
නිසි නඩත්තුවක් නැති වාහන වලින් පිටවන අධික දුම පෘථිවි වායු දූෂණයට ප්‍රධාන හේතුවක් බව ඔබ දන්නවාද ? දිනකට වාහන විශාල සංඛ්‍යාවක් ගමන් ගන්නා කොළඹ වැනි නාගරික ප්‍රදේශ වල මේ ගැටලුව ඉතා විශාල වශයෙන් දක්නට ලැබෙනවා.
වාහන වලින් පිටවන අධික දුම් මගින් වායුගෝලයට එකතුවන අහිතකර වායූන් නිසා බොහෝ පුද්ගලයින් විවිධ ශ්වසන රෝගාබාධ වලට ලක්වීම මෑත කාලීනව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. හුස්ම ගැනීමේ අපහසුතා වල සිට පෙනහලු පිලිකා වැනි භයානක රෝග තත්ව ඇතිවීම දක්වා මේ වායු දූෂණය ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
තම වාහන නිසි ලෙස නඩත්තු කරමින් වායුගෝලයට අහිතකර දුම් පිටවීම වලක්වා වායු දූෂණයට තිත තබමු !
පරිසරය සුරකිමින් අපද රැකෙමු !
Master Bike Service වෙතින් පණිවිඩයක් !
කතා කරන්න අපිට
011-77 11 211
077-47 74 409