10/03/2022
🔰AirDrops කියන්නෙ මොකක්ද ?
AirDrops කියන්නෙ අලුත් ටෝකන් ගැන මිනිස්සු දැනුවත් කරන්න, මාකට් කරන්න අපි කරන පොඩි පොඩි වැඩ වලට ( retweeting, post sharing, referrals, joining a telegram group ) පොඩි ටෝකන් ටිකක් අපිට දෙන වැඩක්.
මෙතන කිසිම විදිහක ඉන්වෙන්ස්ට්මන්ට් එකක් නෑ, ඔයාල රුපියලක් වත් වියදම් කරන්න ඕනි නෑ. referrals ඒ කියන්නෙ අලුත් සාමාජිකයෝ ( ඔයාගෙ යාලුවො ) සෙට් කලොත් ඔයාට ටෝකන් ටිකක් දෙනවා ( යාලුවො මොකුත් සල්ලි දීල ගන්න ඕනිත් නෑ ) , මේ ප්‍රොජෙක්ට්ස් ගොඩ ගියොත් ඔයාලට හොඳ වටිනාකමක් තියෙන crypto ටිකක් අනාගතේදි හම්බෙනවා.
🔰 Are these Pyramid systems?
pyramidද, කහනවටද සුද්දො අපිට නිකන් මේවා දෙන්නෙ? පිරමිඩ් නෙමේ මෙයාල හදන්නෙ ප්‍රොජෙක්ට්ස් එකට මිනිස්සු යොමු කරෝගෙන ඉන්වෙස්ට්මන්ට්ස් ගන්න.
ඒක නිකන් මේ වගේ, ලන්කාවෙ අලුත් බැන්කුවක් ඇවිත් එයාලගෙ ශෙයාස් නිකුත් කරනවා. ඒ ගමන් කියනවා ඔයාල මේ ගැන අනිත් අයට කිව්වොත් අපි ඔයාට ශෙයාස් 10-20ක් දෙන්නම් කියල. හැබැයි මෙයාල ශෙයාස් බිලියනක් විතර නිකුත් කරනවා. මෙයාලගෙ ටාගට් එක ඒ මාකටින් එකෙන් මිනිස්සු අතරට යන්න. කාට හරි ප්‍රොජෙක්ට් එක ගැන විස්වාසයක් ඇති උනොත් සල්ලි දීල ශෙයාස් ලක්ශයක් විතර ගනීවි කියල. ඉතින් මාකටින් වලින් මෙයාල ශෙයාස් වලින් 5%-10%ක් වෙන් කරනවා නිකන් දෙන්න.
අපි ඉතින් සල්ලි දෙන්න ඕනි නෑ නිකන් දෙන පොඩි ටෝකන් ටික අරන් නිකන් ඉන්න තියෙන්නෙ. අනික ලන්කාවෙ නීතිය අනුව අපිට බැන්කුවක් හරහා ඇරෙන්න රුපියල් වෙන මුදල් ඒකකයකට හරවන්න බෑ.
🔰 So am I rich now?
මේ හැම ප්‍රොජෙක්ට් එකක්ම ගොඩ යන්නෙ නෑ, හැබැයි ගොඩ ගියොත් ලොවෙත් නෑනෙ.නිකන් ආපු සල්ලි විනාඩි 5-10ක් පොඩි පොඩි වැඩ කරල.
මම මෙතන තෝරලා තියෙන්නෙ advanced KYC නැති, ලේසි ප්‍රොජෙක්ට්ස්. සමහර KYC වල අපේ පාස්පොට්, ඩ්‍රවින් ලයිශන් ෆොටෝ ඉල්ලනවා ඒ කිසි දෙයක් මේවල නෑ. නිකන් අපේ විස්තර කාටවත් රෙපියුටඩ් නැති අලුත් කම්පැනි වලට දෙන්න ඔනි නෑනෙ.ඒ වගේම තමා මෙටාමාස්ක් එකට ඇක්සස් ඉල්ලන ඒවත් නෑ. ඔක්කොම මම ජොයින් උන මට ශුවර් ඒවා විතරයි මෙතන තියෙන්නෙ.
වෙලාව කන, ලකී පූල්ස් ගගා කනාවට රැන්ඩම්ලි ටෝකන් දෙන, ඩොලර් එකක් රෙෆ් එකකට දෙනවා ගගා මොකුත් විත්ඩ්‍රෝ කරන්න බැරි ප්‍රොජෙක්ට්ස් වගේ දේවල් නැතුව රිවීස් කියෝල හොඳයි කියල හිතන ඒවා විතරයි මෙතන තියෙන්නෙ.
ඒ මොනව උනත් ඔයාල ඔයාලගෙ රීසර්ච් කරන්න. මොකද මේවා රිෆරල්නෙ.
🔰 FAQ :
Q : ඩිපොසිට් වෙන්න ( ටෝකන් ටික ඔයාලගෙ වොලට් එකට එන්න ) කොච්චර දවස් යනවද?
A : ඒක ඩ්‍රොප් එකෙන් එකට වෙනස්, ඒ ටෝකන් එකේ නම සර්ච් කරල බලන්න. මුලු එයාඩ්‍රොප් එකම ඉවර උනාම ( සමහර ඒව මාසෙ දෙක යනවා ) තමා එන්නෙ, එවෙලෙම එන්නෙ නෑ
Q : මේ උඩ තියෙන ගනන් අනිවා හම්බෙනවද?
A : නෑ, මේ ටෝකන් වල ගනන් ෆුල් පබ්ලික් රිලීස් වලදි අඩු වෙනවා, සමහර ඒවා වැඩි වෙනවා, සමහර ඒවා 1000 ගුනයකින් වැඩි වෙනව, සමහර ඒව සත ගනන් වෙනවා…මෙතන ටාගට් එක අපේ 100ක් ජොයින් උනොත් 5ක් වත් ලොවෙත් ගොඩ යයි කියන එක
AirDrop ගැන මොකද හිතන්නේ ? Comment එකක් දාගෙන යන්න ✊