12/01/2023
📣2023 ජනවාරි 01 දින සිට තැන්පතු පොළිය මත රජය විසින් අය කිරීමට නියමිත 5% රඳවාගැනීමේ බද්ද (Withholding Tax - WHT) ගැනයි මේ දැනුවත් කිරීම.😍
👉මින් අදහස් වන්නේ ඔයාලා දැනට පවත්වාගෙන යන ඉතිරිකිරීමේ සහ ස්ථාවර තැන්පතු මත ඔයාලට ලැබෙන්න තියෙන පොළියෙන් 5%ක ප්‍රමාණයක් බැංකුව විසින් කපාගෙන ඉතිරි කොටස පමණක් ඔයාලගේ අතට දෙනවා කියන එක. එම කපාගන්න 5% කොටස බැංකුව විසින් දේශීය අදායම් දෙපාර්තමේන්තුවට (IRD) ගෙවන්න ඕනේ.
👉ඔයාලට මතක ඇති 2020-22 කාලය තුලදී අපිට හම්බෙන පොලිය මත WHT කැපීමක් සිදුවුනේ නැහැ. හැබැයි 2018-19 කාලය තුලදී මේ විදිහටම පොලිය මත WHT අය කිරීමක් සිද්ද වුන. ඒක සැලකුවේ අවසාන බද්දක් (Final Tax) විදිහට.
👉හැබැයි මේ පාර තියෙන විශේෂත්වය නැත්නම් අපිට වෙන අවාසිය තමයි මේ කපන WHT එක අවසාන බද්දක් විදිහට නොසලකන එක.
👉ඒ කියන්නේ ඔයාලට ලැබෙන පොළිය මත WHT කැපුවට පස්සේ නැවතත් ඒ පොළිය ඔයාගේ පුද්ගලික ආදායම් බද්ද (Individual Income Tax) ගණනය කිරීමේදී ආදායමක් විදිහට සැලකීමක් කෙරුනේ නැහැ. එනිසා ඒ පොළියට ආයෙමත් Individual Income Tax ගෙවන්න ඕනේ වුනේ නැහැ.
🙁හැබැයි 2023 ඉදන් ඒ විදිහට කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ WHT කැපුවට පස්සේ වුනත් පුද්ගලික අදායම් බදු ගෙවන කෙනෙක්ට එයාගේ බද්ද ගණනය කරනකොට අර දැනටමත් WHT ගෙවපු පොළිය නැවතත් ආදායම් මුලාශ්‍රයක් විදිහට පෙන්වන්න සිද්ද වෙනවා. 🙆♂️
👉මෙතැනදී පුංචි සහනයක් දීල තියෙනවා. ඒ තමයි පුද්ගල අදායම් බද්ද ගණනය කලාට පස්සේ ඔයාල ගෙවන්න ඕනේ Income Tax amount එකෙන් අර බැංකුව ඔයාලගෙන් කපාගත්ත WHT එක අඩුකරන්න ඔයාලට අවස්ථාව දීල තියෙන එක.💁
💰 තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Foreign Currency Bank Accounts) මත ලැබෙන පොළියෙන් WHT අය කිරීමක් සිද්දවෙන්නේ නැහැ. 🥳
🙋♂️ඉතින් මේ වගේ තවත් වැදගත් දේවල් කිසිඳු අය කිරීමක් නොකර ඔයාල එක්ක බෙදාගන්න අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. 🥰
👨🏫මේ වගේ තවත් වැදගත් විස්තර සියල්ල English වලින් වගේම තේරෙන සිංහලෙන් පැහැදිලිව දැනගන්න අපේ "ELEVATE - Tax Zone" WhatsApp Group එකත් එක්ක නොමිලේ සම්බන්ද වෙන්න.😍
"ELEVATE - Tax Zone" WhatsApp Group Link:👇
https://chat.whatsapp.com/JccAP9pCR2N2qRE158MvMh
🤩Elevate Corporate Consultants ආයතනය ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්නම්. ඔයාලගේ තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර හෝ පුංචි සමාගමක් විදිහට පවත්වාගෙන යන ව්‍යාපාර වල ගිණුම් කටයුතු වගේම බදුකරන කටයුතු ඉහල ගුණත්වයකින් ඉතාම සාධාරණ මිලකට කරලා දෙන්න අපි සුදානම්.🤲🤝
✈️ ඒවගේම විදේශ ගතවෙන්න බලාපොරොත්තු වන අය වෙනුවෙන් VISA ගිණුම් ඉතාම සාධාරණ මුදලකට ලබාදෙන්නත් අපි සුදානම්. 😍
මේ හැමදේම සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීවරුන් සහ බදු උපදේශකවරුන් ගෙන් පමණයි. 👩🎓👨🏫
Elevate Corporate Consultants 🇱🇰
Chartered Accountants I Tax Consultants I Company Secretaries I Lawyers
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 / (+94) 75 232 0435
WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]