BIZ TAX

BIZ TAX Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BIZ TAX, Accountant, Kadigamuwa, Paththampitiya, Rambukkana, Kegalle.

📌 Our Services

✅ Bookkeeping
✅ Financial Statement Preparation
✅ Payroll Management
✅ Management Accounting
✅ Accounting Software & Staff Training
✅ Tax Services

📱Contact Us ;

📞 Phone: 074 240 3867 / 075 738 7606
📧 Email: [email protected]

📢 බදු ගෙවන ඔබ සැමගේ අවධානයට: මැයි 15 ඇයි මෙතරම් වැදගත්? 🗓️ඔබ ව්‍යාපාරිකයෙක්, රැකියාවක නියුතු අයෙක් හෝ ආයෝජකයෙක් නම්, මැය...
15/05/2026

📢 බදු ගෙවන ඔබ සැමගේ අවධානයට: මැයි 15 ඇයි මෙතරම් වැදගත්? 🗓️

ඔබ ව්‍යාපාරිකයෙක්, රැකියාවක නියුතු අයෙක් හෝ ආයෝජකයෙක් නම්, මැයි 15 (අද) යනු ඔබේ බදු ලිපිගොනු සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක දිනයකි. දඩ මුදල් වලින් තොරව, නිසි වේලාවට බදු ගෙවා ඔබේ වගකීම ඉටු කිරීමට අමතක නොකරන්න.

මෙන්න අද දිනට අදාළව ඔබ අවධානය යොමු කළ යුතු ප්‍රධාන බදු ගෙවීම් කිහිපයක්:

1️⃣ ආදායම් බදු - 4 වන වාරිකය (Income Tax – 4th Instalment)
• අදාළ කාල පරිච්ඡේදය: 2025/2026 තක්සේරු වර්ෂය සඳහා 04 වැනි වාරික මුදල
• Period Code: 25264
• 2025/2026 වර්ෂයට අදාළ ඔබේ ආදායම් බදු ගෙවීමේ සිව්වන වාරිකය අද දිනට පෙර ගෙවා අවසන් කළ යුතුය.

2️⃣ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT - Advance Personal Income Tax)
• අදාළ මාසය: 2026 අප්‍රේල් මාසය සඳහා
• Period Code: 26040
• සේවකයින්ගේ වැටුප් මත රඳවා ගත් APIT බදු මුදල් රජයට ගෙවිය යුතු අවසන් දිනය අදයි.

3️⃣ අත්තිකාරම් බදු සහ රඳවා ගැනීමේ බදු (AIT/WHT Payment)
• අදාළ මාසය: 2026 අප්‍රේල් මාසය සඳහා
• Period Code: 26040
• පොලී, ලාභාංශ හෝ වෙනත් සේවා ගාස්තු මත රඳවා ගත් බදු මුදල් (WHT) ගෙවීමට ද අද දින අවසන් දිනය වේ.

මතක තබා ගන්න: 💡 නියමිත දිනට බදු ගෙවීම පැහැර හැරීම මගින් අනවශ්‍ය දඩ මුදල් සහ පොලියක් එකතු විය හැක. එබැවින් අදම ඔබේ ගෙවීම් නිම කර සහනයෙන් සිටින්න.

ඔබේ ව්‍යාපාරික මිතුරන්වත් මේ ගැන දැනුවත් කරන්න මෙම පෝස්ට් එක Share කරන්න. 🤝

ඔයාගෙ ව්‍යාපාරයෙත් Accounts හා Tax වැඩ ටික කරදරයක් නැතුව පහසුවෙන් සිදු කර ගැනීම සඳහා අප සමඟ සම්බන්ධ වන්න පහත අංකවලට කතා කරන්න.

📞 075 738 7606 / 074 240 3867

🔮 බැංකු අයිරාවක් (Bank Overdraft) කියන්නේ ව්‍යාපාරයකට ඉතාමත් ප්‍රයෝජනවත් මෙන්ම නිසි කළමනාකරණයක් නොමැති වුවහොත් අවදානම් ස...
12/05/2026

🔮 බැංකු අයිරාවක් (Bank Overdraft) කියන්නේ ව්‍යාපාරයකට ඉතාමත් ප්‍රයෝජනවත් මෙන්ම නිසි කළමනාකරණයක් නොමැති වුවහොත් අවදානම් සහගත මූල්‍ය මෙවලමක්. ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව මෙහි වාසි සහ අවාසි කිහිපයක් තිබෙනවා.

🚀වාසි (Advantages)

1️⃣ කඩිනම් මුදල් අවශ්‍යතා (Cash Flow Management): ව්‍යාපාරයේ දෛනික වියදම් පියවා ගැනීමට හෝ හදිසි අවස්ථාවකදී (උදා: වැටුප් ගෙවීමට හෝ අමුද්‍රව්‍ය මිලදී ගැනීමට) අතේ මුදල් නොමැති විට මෙය ඉතා සහාය වෙනවා.
2️⃣ භාවිතා කරන මුදලට පමණක් පොලිය: ඔබ අනුමත කරවාගත් සම්පූර්ණ සීමාවටම (Limit) පොලිය ගෙවිය යුතු නැහැ. ඔබ ලබාගන්නා මුදලට සහ එය පාවිච්චි කරන දින ගණනට පමණක් පොලිය ගණනය වීම මෙහි ඇති විශාල වාසියක්.
3️⃣ නම්‍යශීලී බව: සාමාන්‍ය ව්‍යාපාරික ණය (Business Loans) වගේ නෙවෙයි, මෙහි වාරික ගෙවීමට ස්ථාවර දිනයක් නැහැ. මුදල් ලැබුණු වහාම එය පියවා දැමීමට හැකියාව තිබෙනවා.

🚨 අවාසි (Disadvantages)

1️⃣ ඉහළ පොලී අනුපාත: සාමාන්‍ය බැංකු ණයකට සාපේක්ෂව Overdraft සඳහා අය කරන පොලී අනුපාතය සාමාන්‍යයෙන් වැඩියි.
2️⃣ බැංකුවට ඕනෑම වෙලාවක අවලංගු කළ හැකි වීම: බැංකුවට අවශ්‍ය යැයි හැඟුණහොත් ඉතා කෙටි දැනුම්දීමකින් මුදල් පියවන ලෙස හෝ සීමාව අඩු කරන ලෙස දැනුම් දිය හැකියි.
3️⃣ ඇප සුරැකුම් (Security): ගොඩක් වෙලාවට විශාල ප්‍රමාණයක අයිරාවක් ලබා ගැනීමට නම් ස්ථාවර තැන්පතුවක් හෝ දේපළක් ඇපයට තැබීමට සිදු වෙනවා.

🛑 මෙය ඔබේ බිස්නස් එකට හොඳ වෙන්නේ කවදාද?

1️⃣ කෙටි කාලීන අවශ්‍යතා සඳහා පමණක් නම්: මාසයක් ඇතුළත ආපසු ලැබෙන මුදල් වෙනුවෙන් මෙය පාවිච්චි කිරීම ගැටලුවක් නැහැ.
2️⃣ Internal Control පද්ධතියක් ඇත්නම්: ව්‍යාපාරයේ මුදල් පාලනය (Cash Control) නිසි ලෙස සිදුවනවා නම් පමණක් මෙය භාවිතා කිරීම සුදුසුයි. නැතහොත් පොලියටම විශාල මුදලක් වැය වීමට ඉඩ තිබෙනවා.

🛑 Biz Tax අපගේ නිගමනය:

Bank Overdraft එකක් යනු "කෙටි කාලීන මූල්‍ය පරතරය" පියවා ගැනීමට ඇති හොඳම විසඳුමකි. නමුත් එය දීර්ඝ කාලීන ණයක් ලෙස භාවිතා කිරීම ව්‍යාපාරයේ ලාභදායිත්වයට අහිතකර විය හැකියි. එම නිසා, සැමවිටම ඔබේ ව්‍යාපාරයේ Cash Flow Forecast එකක් පවත්වා ගනිමින් මෙය භාවිතා කරන්න.

ඔයාගෙ Accounting හා Tax වැඩ ටිකත් කිසිම කරදරයක් නැතුව කරගන්න ඕනෙද? එහෙනම් අදම Biz Tax (Pvt) Ltd අපිට කතා කරන්න. අපි ඉන්නවා ඔබට උදව් කරන්න!

📞 075 738 7606 / 074 240 3867

💸 ඔබේ පඩිය රු. 150,000 ඉක්මවනවාද? එහෙනම් මේ "T10 Certificate එක" ගැන අනිවාර්යයෙන් දැනගෙන ඉන්නම ඕනේ!ඔබ රැකියාවක් කරන කෙනෙ...
01/05/2026

💸 ඔබේ පඩිය රු. 150,000 ඉක්මවනවාද? එහෙනම් මේ "T10 Certificate එක" ගැන අනිවාර්යයෙන් දැනගෙන ඉන්නම ඕනේ!

ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් සහ ඔබේ මාසික වැටුප රුපියල් 150,000ට වඩා වැඩියි නම්, "T10 Certificate" එකක් ඔයාගේ company එකෙනුත් ඔයාට ලැබෙනවා. හැබැයි ඇත්තටම මොකක්ද මේ T10 එක කියලා කියන්නේ? මේකෙන් වෙන්නේ මොකක්ද? ගොඩක් දෙනෙක්ට තියෙන මේ පැටලැවිල්ල අපි අද සරලවම විසඳමු.

ඔබේ පඩිය 150,000 සීමාව පනිනවා කියන්නේ, ඔබේ ආදායම 'බදු අය කළ හැකි' (Taxable Income) මට්ටමකට ඇවිත් තියෙන්නේ. අන්න ඒ වෙලාවට ඔබේ සමාගම මඟින් ඔයාගෙන් ඒ අඩු කරගන්න ඕන බදු මුදල salary එකෙන් අඩු කරගෙන රජයට (IRD එකට) ගෙවනවා. ඔබ වෙනුවෙන් ඔබෙන් අඩු කරගන්නා මේ මුදල IRD එකට ගෙවා ඇති බවට සහතික කරලා දෙන ලියකියවිල්ල තමයි මේ T10 කියන්නේ.

T10 ගැන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මෙන්න:

📍 ඔබේ Salary එක 150,000ට වඩා වැඩි වෙනකොට, අදාළ බදු මුදල (Tax) ඔයාගේ ආයතනය Salary එකෙන් අඩු කරගෙන තමයි ඔබට ඉතිරි මුදල ලැබෙන්නේ.

📍 සමාගමේ වගකීම වන්නේ ඔබ වෙනුවෙන් Salary එකෙන් කපාගන්නා ඒ බදු මුදල නිවැරදිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) ගෙවන්න එකයි.

📍 සමාගම විසින් අදාළ බදු මුදල් ගෙවූ බවට ඔබට ලබා දෙන නිල තහවුරු කිරීමේ සහතිකය තමයි T10 Certificate එක කියලා කියන්නේ.

📍T10 එක ලැබුණු පළියට ඔබේ බදු වගකීම් අවසන් වෙන්නේ නැහැ. සෑම වසරකම නොවැම්බර් 30 වැනිදාට පෙර ඔබේ "Personal Tax Return" එක IRD එකට ඉදිරිපත් කරන්න ඔබ වගබලා ගන්න ඕනේ. ඔබේ අනෙකුත් ආදායම් මාර්ග, වත්කම් සහ බැරකම් ගැන සියලුම විස්තර මේ වාර්ෂික වාර්තාවට ඇතුළත් වෙන්න ඕනේ.

ඔයාගෙ Accounting හා Tax වැඩ ටිකත් කිසිම කරදරයක් නැතුව කරගන්න ඕනෙද? එහෙනම් අදම Biz Tax (Pvt) Ltd අපිට කතා කරන්න. අපි ඉන්නවා ඔබට උදව් කරන්න!

📞 075 738 7606 / 074 240 3867

අප්‍රේල් 30: බදු ගෙවන ඔබට මඟහැරිය නොහැකි සුවිශේෂී දිනයක්! 🗓️ඔබේ ව්‍යාපාරයේ හෝ පෞද්ගලික බදු ලිපිගොනු නිසි පරිදි යාවත්කාලී...
30/04/2026

අප්‍රේල් 30: බදු ගෙවන ඔබට මඟහැරිය නොහැකි සුවිශේෂී දිනයක්! 🗓️

ඔබේ ව්‍යාපාරයේ හෝ පෞද්ගලික බදු ලිපිගොනු නිසි පරිදි යාවත්කාලීන කිරීමට අප්‍රේල් මාසයේ අවසාන දිනය ඉතා වැදගත් වේ. 2026 බදු දින දර්ශනයට අනුව අප්‍රේල් 30 වනදාට යෙදී ඇති ප්‍රධාන බදු වගකීම් මෙන්න:

• WHT වාර්ෂික ප්‍රකාශන භාරදීම: 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන රඳවා ගැනීමේ බදු (WHT) සහ අත්තිකාරම් ආදායම් බදු (AIT) වාර්ෂික ප්‍රකාශන භාරදීමේ අවසාන දිනය.

• සේවා යෝජකයන්ගේ වාර්ෂික ප්‍රකාශන භාරදීම: 2025/2026 වර්ෂය සඳහා සේවා යෝජකයින්ගේ (Employee) අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) වාර්ෂික ප්‍රකාශය භාරදීම.

• VAT වාර්තා: 2026 මාර්තු මාසය සඳහා වන මාසික එකතු කළ අගය මත බදු (VAT) වාර්තාව සහ 2026 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා වන VAT වාර්තාව භාරදීම.

නියමිත දිනට වාර්තා ලබාදී අනවශ්‍ය දඩ මුදල් වලින් වැළකී සිටින්න.

බදු සම්බන්ධ ඕනෑම ගැටලුවක් සඳහා වෘත්තීය සහ විශ්වාසනීය සහය ලබාගැනීමට අදම අපව අමතන්න.

📞 අප අමතන්න: 075 738 7606 / 074 240 3867

📢 ව්‍යාපාරයක් කරන ඔබ "සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද" (SSCL) ගැන හරියටම දැනගන්න!ඔයා දැනටමත් බිස්නස් එකක් කරන කෙනෙක්ද? නැත්නම් ...
27/04/2026

📢 ව්‍යාපාරයක් කරන ඔබ "සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද" (SSCL) ගැන හරියටම දැනගන්න!

ඔයා දැනටමත් බිස්නස් එකක් කරන කෙනෙක්ද? නැත්නම් අලුතින්ම පටන් ගන්න ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ බදු වර්ගය ගැන ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ.

කවුද මේ බද්දට යටත් වෙන්නෙ??? 🤔

සරලවම කිව්වොත් මේ පහත සඳහන් ඕනෑම බිස්නස් එකක් කරන කෙනෙක් මේකට යටත් වෙනවා:

1. යම් ද්‍රව්‍යයක් ආනයනය (import) කරනු ලබන
2. යම් ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් කරනු ලබන
3. ඕනෑම ස්වභාවයකට අයත් සේවාවක් සැපයීමේ ව්‍යාපාරයක් කරනු ලබන
4. තොග සහ සිල්ලර වෙළෙඳාමේ නිරත වන පුද්ගලයන් (Wholesalers & Retailers) අයත් වෙනවා.

ඒ වගේම මේ බද්ද පුද්ගලිකව බිස්නස් කරන කෙනෙක්ට විතරක් නෙවෙයි; කම්පැනි, රාජ්‍ය නොවන සංවිධාන (NGOs), පුණ්‍යායතන වගේම ඕනෑම සංවිධානයකටත් අදාළ වෙනවා.

මේ ගැන වැඩිදුර තොරතුරු වගේම ඔයාගේ business එකත් Pvt Ltd එකක් විදිහට ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය නම් අදම අපිට කතා කරන්න. ඔබව නිවැරදිව මෙහෙයවන්න අපි සූදානම්!

Contact Us: 075 738 7606 / 074 260 3867

📢 ව්‍යාපාරිකයන් දැනුවත් විය යුතු SSCL බදු සීමාවන්ගේ වෙනස!ඔබේ ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැටුම (Turnover) රුපියල් මිලියන 60 ට...
26/04/2026

📢 ව්‍යාපාරිකයන් දැනුවත් විය යුතු SSCL බදු සීමාවන්ගේ වෙනස!

ඔබේ ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැටුම (Turnover) රුපියල් මිලියන 60 ට වඩා අඩුයි කියලා ඔබ මීට කලින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) ගැන එච්චර හිතුවේ නැද්ද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න.

පසුගිය අප්‍රේල් 09 වැනිදා ආපු අලුත්ම සංශෝධන පනතට (No. 10 of 2026) අනුව, SSCL බද්ද සඳහා ලියාපදිංචි විය යුතු සීමාවන් රජය විසින් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා.

මොකක්ද මේ වෙනස?

කලින් තිබුණේ වසරකට රුපියල් මිලියන 60 ක පිරිවැටුමක් (Turnover එකක්) තිබේ නම් පමණක් SSCL වලට ලියාපදිංචි විය යුතු බවයි. නමුත් 2026 ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි:

• වසරකට පිරිවැටුම: රුපියල් මිලියන 36 ඉක්මවනවා නම්,
• කාර්තුවකට (මාස 3කට): රුපියල් මිලියන 9 ඉක්මවනවා නම්,
• ඒ වගේම මාසෙකට රුපියල් මිලියන 3 ඉක්මවනවා නම්,

ඔබේ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම SSCL සඳහා ලියාපදිංචි විය යුතුයි.

සීමාව මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු වීම කියන්නේ මීට කලින් SSCL බදු දැලට අසු නොවූ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් රැසකට අලුතින් මෙම බද්දට ලියාපදිංචි වීමට සිදු වීමයි. මේ නිසා ඔබේ ව්‍යාපාරයේ පිරිවැටුම මිලියන 36 ට වඩා වැඩි වෙනවා නම්, ජූලි මාසයේ ඉඳන් මේ ගැන ලොකු අවධානයක් දෙන්න වෙනවා.

බදු නීතිවලට එකඟව ව්‍යාපාරය කරගෙන යන්නත්, අනවශ්‍ය දඩ මුදල්වලින් බේරෙන්නත් මේ වගේ අලුත් තීරණ ගැන දැනුවත් වෙලා ඉන්න ඕන.

මේ ගැන වැඩිදුර තොරතුරු හෝ ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්නා ආකාරය ගැන උපදෙස් අවශ්‍ය නම් අපිට කතා කරන්න. අපි ඔබව නිවැරදිව මෙහෙයවන්න අපි සූදානම්!

Contact Us: 075 738 7606 / 074 260 3867

🗓️ අප්‍රේල් 30ට කලින් මේකත් අමතක කරන්න එපා! (APIT Return)ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ ගෙවුණු කාලයේදී VAT ගැන ලොකු අවධානයක් ය...
24/04/2026

🗓️ අප්‍රේල් 30ට කලින් මේකත් අමතක කරන්න එපා! (APIT Return)

ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ ගෙවුණු කාලයේදී VAT ගැන ලොකු අවධානයක් යොමු කළා වගේම, දැන් තවත් වැදගත් වැඩක් අවසන් කරන්න කාලය ඇවිත්. ඒ තමයි 2025/26 තක්සේරු වර්ෂය සඳහා වන APIT Return එක ගොනු කිරීම.

බොහෝ දෙනෙක්ට මේක ටිකක් සංකීර්ණයි වගේ පෙනුණාට, ඇත්තටම නියමිත වෙලාවට මේ වැඩේ අවසන් කරන එක ඔබේ ව්‍යාපාරයේ විනිවිදභාවයට වගේම ඉදිරි පැවැත්මටත් ගොඩක් වැදගත්.

මොකක්ද මේ APIT Return එක කියන්නේ?

සරලවම කිව්වොත්, ඔබේ ව්‍යාපාරයේ සේවකයන්ගේ වැටුපෙන් උපයන විට ගෙවීමේ බද්ද (Advance Personal Income Tax) නිවැරදිව ගණනය කරලා ඒ වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමයි මෙතනදී වෙන්නේ.

ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා:

1️⃣ 2025/26 වර්ෂයට අදාළ වාර්ෂික ප්‍රකාශය (Annual Statement) ඉදිරිපත් කළ යුතු අවසන් දිනය අප්‍රේල් 30 දිනයයි.

2️⃣ ඔබ සේවකයන්ගේ වැටුපෙන් බදු මුදල් කපා ගත්තේ නම් ඒ මුදල පළමුවෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුයි. ඉන් පසුව ඔබ APIT යටතේ ලියාපදිංචි වී සිටින ආයතනයක් නම් අනිවාර්යයෙන්ම මේ වාර්තාව ඉදිරිපත් කළ යුතුයි. යම් හෙයකින් ඔබගේ ආයතනයට ඇතුළත් වූ එක් සේවකයෙකුගේ හෝ APIT වාර්තාවක් ලබා දීමට ඇත්නම්, ඔබ තවමත් APIT සඳහා ලියාපදිංචි වී නොමැති නම්, අනිවාර්‍යෙන් ඔබගේ ආයතනය APIT සඳහා ලියාපදිංචි වීම සිදු කර ගැනීම අනිවාර්‍ය වෙනවා.

3️⃣ අදාළ බදු මුදල් IRD එකට ගෙවීමෙන් අනතුරුව සහ ආයතනය පැත්තෙන් අදාළ වාර්තා ඉදිරිපත් කළ පසුව ඔබගේ ආයතනයේ සේවකයන්ට T10 Form එක ලබා දීම අනිවාර්‍ය වේ.

බදු සම්බන්ධ කටයුතු කියන්නේ ලේසි වැඩක් නෙවෙයි කියලා අපි දන්නවා. ඒත් නිවැරදි උපදේශනයක් එක්ක මේ හැමදේම ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. ඔබේ ව්‍යාපාරයේ මේ බදු වාර්තාකරණය ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්, Biz Tax අපිව ඕනෑම වෙලාවක සම්බන්ධ කරගන්න.

අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වාගෙන, ඔබේ ව්‍යාපාරය නීත්‍යානුකූලව සහ සුරක්ෂිතව ඉදිරියටම අරන් යමු!

Contact Us: 075 738 7606 / 074 240 3867

📢 ව්‍යාපාරික ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු වැදගත් මතක් කිරීමක්!ඔබේ ව්‍යාපාරය VAT (එකතු කළ අගය මත බදු) සඳහා ලියාපදිංචි වූ ආ...
22/04/2026

📢 ව්‍යාපාරික ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු වැදගත් මතක් කිරීමක්!

ඔබේ ව්‍යාපාරය VAT (එකතු කළ අගය මත බදු) සඳහා ලියාපදිංචි වූ ආයතනයක්ද? එහෙනම් මේ පණිවිඩය ඔබටයි.

2026 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුනට අදාළ VAT වාර්තාව (VAT Return) ඉදිරිපත් කිරීමට දැන් කාලය ඇවිත්.

මතක තබා ගන්න, මේ වාර්තාව ඉදිරිපත් කළ යුතු අවසන් දිනය වෙන්නේ 2026 අප්‍රේල් මස 30 වැනිදා. 🗓️

ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ?

බදු වාර්තා නියමිත වෙලාවට ඉදිරිපත් නොකිරීමෙන් අනවශ්‍ය දඩ මුදල් වගේම නීතිමය ගැටලුවලටත් මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා අවසන් මොහොත වෙනකම් ඉන්නේ නැතුව, අදම මේ ගැන අවධානය යොමු කරන්න.

ඔබට අපෙන් ලැබෙන සහය:
බදු වාර්තා සකස් කිරීමේදී හෝ ගණනය කිරීම් වලදී ඔබට යම් තාක්ෂණික සහයක් හෝ උපදෙසක් අවශ්‍ය නම්, අප සූදානම් ඔබට නිවැරදිම මගපෙන්වීම ලබා දෙන්න.

ව්‍යාපාරයේ වැඩකටයුතු පිළිවෙළට කරගෙන යන්න, බදු බරින් නිදහස් වෙන්න අදම අපව අමතන්න! 🤝

📞 අපව සම්බන්ධ කර ගැනීමට: 075 738 7606 හෝ 074 240 3867 අමතන්න. එහෙමත් නැත්නම් Inbox පණිවිඩයක් එවන්න.

🚀 Business එකක් පටන් ගන්න හිතුවට තාම කරගන්න බැරිවද ඉන්නේ?හිතේ ලොකු හීනයක් තිබුණාට, "කොහෙන්ද පටන් ගන්නේ?" කියන ප්‍රශ්නය න...
21/04/2026

🚀 Business එකක් පටන් ගන්න හිතුවට තාම කරගන්න බැරිවද ඉන්නේ?

හිතේ ලොකු හීනයක් තිබුණාට, "කොහෙන්ද පටන් ගන්නේ?" කියන ප්‍රශ්නය නිසාම ගොඩක් අය ගමන අතරමග නවත්තනවා. හැබැයි ඒ ගමන සාර්ථක වෙන්න නම් ක්‍රමානුකූලව වැඩේ කරන්න ඕනේ. ඒ වගේම ඔයා හොඳ ඉවසීමකින් මේ දේ කරන්න ඕන.

ඔන්න ඔයාගේ Business හීනය ඇත්තක් කරගන්න නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් කිහිපයක්:

1️⃣ හරිම Idea එක තෝරාගන්න: ඔයා කරන දේ අනිත් අයට වඩා වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම කාට හරි තියෙන ප්‍රශ්නයකට විසඳුමක් දෙන විදිහේ ව්‍යාපාරයක් නම් ඒක ඉක්මනටම Hit වෙනවා. පළමුවෙන්ම ඔයා මේ ගැන හොඳ research එකක් කරලා business plan එකකුත් හදා ගන්න.

2️⃣ පොඩියට පටන් ගන්න (Start Small): එකපාරටම ලොකු ලෝන් අරන් ලොකු රිස්ක් එකක් ගන්න යන්න එපා. අද වෙනකොට ඔයා කරන්න යන ව්‍යාපාරය මොනම විදිහකින් හරි virtual platform එකක ඉදන් කරන්න පුළුවන්කම තියෙනවා. මුලින්ම තියෙන පොඩි මුදලින් පටන් අරන්, ලැබෙන ලාභයෙන් ව්‍යාපාරය දියුණු කරගන්න උත්සහ කරන්න.

3️⃣ ඔයාගේ Target Audience එක හඳුනාගන්න: ඔයාගේ භාණ්ඩ හෝ සේවාව මිලදී ගන්නේ කවුද? තරුණ අයද, අම්මලා තාත්තලාද, එහෙම නැත්නම් Office යන අයද වගේ විශ්ලේෂණයක් කරන්න. මේක හරියටම දැනගත්තොත් විතරයි ඔයාට target audience එක හඳුනා ගන්න පුළුවන් වෙන්නෙ.

4️⃣ මූල්‍ය කළමනාකරණය සහ නීතිමය පැත්ත: ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒක ඔයාට තනි පුද්ගල හරි, හවුල් ව්‍යාපාරයක් හරි සමාගමක් විදිහට හරි ලියාපදිංචි කරගන්න පුළුවන්. ඒකෙන ඔයාගේ ව්‍යාපාරයට ලොකු වටිනාකමක් එකතු වෙනවා. ඒකේ ලේඛන කටයුතු සහ බදු (Tax) සම්බන්ධ කටයුතු ගැන සැලකිලිමත් වෙන්න ඕන. මුල ඉඳලම ආදායම්, වියදම්, වත්කම්, වගකීම්, හිමිකම් හරියට සටහන් කරගත්තොත් විතරයි ඔයාට ව්‍යාපාරය කොයි මට්ටමකද තියෙන්නේ කියලා බලාගන්න පුළුවන් වෙන්නේ.

📈 ඔයාගෙ ව්‍යාපාරය register කරන තැන ඉදලම ඔයාට අපගේ සහය අවශ්‍යයි නම් ලබා ගන්න පුළුවන්.

5️⃣ විශ්වාසය ගොඩනගන්න (Consistency is Key): අද පටන් අරන් හෙට නතර කරන්න එපා. Client කෙනෙක්ට ඔයා ගැන විශ්වාසයක් ඇති වෙන්නේ ඔයා දිගටම ඒ ක්ෂේත්‍රයේ ඉන්නවා දැක්කමයි. Quality එක ගැන හැමදාම හිතන්න. ඔයා Quality product එකක් දුන්නොත් විතරයි ඔයාව හොයාගෙන තව customersලා එන්නේ.

ලොකු ගමන් යන්න වෙන්නේ පොඩි අඩියකින්. අදම ඔයාගේ පළවෙනි පියවර තියන්න! මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් අපිට Message එකක් දාන්න. අපි ඔයාට උදව් කරන්න ලෑස්තියි. ✨

Contact Us: 075 738 7606 / 074 240 3867

20/04/2026
ඔබේ ව්‍යාපාරයේ VAT ලියාපදිංචි සහතිකය ගැන ඔබ දැනගත යුතුම දේ! 📜✅ව්‍යාපාරයක් කරගෙන යද්දී අපිට ගොඩක් නීතිමය ලියකියවිලි හම්බව...
19/04/2026

ඔබේ ව්‍යාපාරයේ VAT ලියාපදිංචි සහතිකය ගැන ඔබ දැනගත යුතුම දේ! 📜✅

ව්‍යාපාරයක් කරගෙන යද්දී අපිට ගොඩක් නීතිමය ලියකියවිලි හම්බවෙනවා. ඒ අතරින් VAT (වැට්) සඳහා ලියාපදිංචි වුණාම ලැබෙන "ලියාපදිංචි සහතිකය" කියන්නේ ඉතාම වටිනා වගේම වගකීම් සහගත ලියවිල්ලක්. වැට් පනතේ 15 වැනි වගන්තියෙන් කියවෙන්නේ මේ සහතිකය ගැනයි.

බොහෝ දෙනෙක් මේ සහතිකය අරන් ෆයිල් එකක දාලා තිබ්බට, මේකේ තියෙන නීතිමය බරපතලකම ගැන හරියටම දන්නේ නැහැ. අද අපි Biz Tax එකෙන් හිතුවා ඒ ගැන ඔබව දැනුවත් කරන්න.

ලියාපදිංචි සහතිකය ගැන ඔබ දැනගත යුතු ප්‍රධාන කරුණු 5ක් මෙන්න:

1️⃣ සහතිකය ලැබෙන්නේ කාටද?: ඔබ වැට් සඳහා අනිවාර්යයෙන් හෝ ස්වෙච්ඡාවෙන් ලියාපදිංචි වූ පසු, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නිල සහතිකය ඔබට නිකුත් කරනු ලබනවා.

2️⃣ සහතිකයේ අඩංගු දේවල්: ඔබේ ව්‍යාපාරයේ නම සහ ලිපිනය, ඔබටම වෙන්වූ VAT අංකය (බොහෝ වෙලාවකට මේ අංකය වන්නේ ඔබගේ TIN එකට අගට “-7000” යෙදුනු අංකයකි.), බදු අය කිරීම ආරම්භ කළ යුතු දිනය වගේ දේවල් මේ සහතිකයේ අන්තර්ගත වෙනවා.

3️⃣ ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කිරීම: මේක තමයි වැදගත්ම දේ. පනතේ 15 වැනි වගන්තියට අනුව, මේ සහතිකය ඔබේ ව්‍යාපාරික ස්ථානයට එන ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනෙන සේ ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්යයි. එසේ ප්‍රදර්ශනය කර නොතිබුණොත්, රුපියල් 50,000ක් දක්වා දඩයකට යටත් වීමට සිදු විය හැකියි. ඒ නිසා මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

4️⃣ නීත්‍යානුකූල බලය: පාරිභෝගිකයෙකුගෙන් වැට් එකතු කරන්න ඔබට බලය ලැබෙන්නේ මේ සහතිකය ලැබුණු දවසේ සිටයි. සහතිකය ප්‍රදර්ශනය කර තිබීමෙන් පාරිභෝගිකයාටත් ඔබ කෙරෙහි විශ්වාසයක් ඇති වෙනවා.

5️⃣ ලියාපදිංචිය අවලංගු වුණොත්?: යම් හෙයකින් ඔබේ ව්‍යාපාරයේ වැට් ලියාපදිංචිය අවලංගු කළහොත්, ඒ මොහොතේ සිට ඔබ "ලියාපදිංචි පුද්ගලයෙකු" නෙවෙයි. ඒ නිසා එම සහතිකය වහාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දීම ඔබේ වගකීමක්.

ඔබේ ව්‍යාපාරයේ බදු කටයුතු සහ නීතිමය ලියකියවිලි නිසි පරිදි කළමනාකරණය කරගන්න අපහසුද? ඒ ගැන වද වෙන්න එපා. Biz Tax අපි සූදානම් ඔබට නිවැරදි මගපෙන්වීම ලබා දෙන්න.

අදම අපිට කතා කරන්න!
📞 075 738 7606 / 074 240 3867

Address

Kadigamuwa, Paththampitiya, Rambukkana
Kegalle
71100

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when BIZ TAX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category