Prabuddaka Sumanarathna

Prabuddaka Sumanarathna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prabuddaka Sumanarathna, Tax preparation service, gampaha, Gampaha.

2025/26 ආදායම් බදු වර්ෂය 2026.03.31 දිනෙන් අවසන් විය. ඒත් සමගම අපෙන් ගොඩදෙනෙක් අහන දෙයක් තමයි මෙම වර්ෂය සදහා ආදායම් බදු ...
10/05/2026

2025/26 ආදායම් බදු වර්ෂය 2026.03.31 දිනෙන් අවසන් විය. ඒත් සමගම අපෙන් ගොඩදෙනෙක් අහන දෙයක් තමයි මෙම වර්ෂය සදහා ආදායම් බදු ගනනය කරන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු දේශීය ආදායම් බදු පනතට අනුව 2025/26 වර්ෂය සදහා ගෙවිය යුතු ආදායම් බදු ගනනය කරන්නේ කොහොමද කියලා.
2025/26 බදු වර්ෂය සදහා බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 18 කි. ඉන් අනතුරුව එලබෙන පළමු ලක්ෂ 10 සදහා අදාළ වන බදු අනුපාතය 6% කි.
ඊළග ලක්ෂ 5 සදහා අදාළ බදු අනුපාතය 18% කි.
ඊළග ලක්ෂ 5 සදහා අදාළ බදු අනුපාතය 24% කි.
ඊළග ලක්ෂ 5 සදහා අදාළ බදු අනුපාතය 30% කි.
ඉතිරි සමස්ත ආදායම සදහාම 36% කි.
දැන් අපි උදාහරණයක් ලෙස හිතමු පුද්ගලයෙකුගේ තක්සේරු කළ හැකි ආදායම එනම් රැකියාවකින් ලැබෙන ආදායම, ආයෝජන ආදායම සහ ව්‍යාපාර ලාභය යන තුනෙහි එකතුව රුපියල් ලක්ෂ 45 ක් කියලා. එවැනි අවස්ථාවක පහත දැක්වන පරිදි ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බදු මුදල ගනනය කළ හැකිය.
මෙම ආදායමෙන් පළමු ලක්ෂ 18 බද්දෙන් නිදහස්ය.
ඊළග ලක්ෂ 10 සදහා 6% බැගින් බදු මුදල රුපියල් 60,000 කි.
ඊළහ ලක්ෂ 5 සදහා 18% බැගින් බදු මුදල රුපියල් 90,000 කි.
ඊළහ ලක්ෂ 5 සදහා 24% බැගින් බදු මුදල රුපියල් 120,000 කි.
ඊළහ ලක්ෂ 5 සදහා 30% බැගින් බදු මුදල රුපියල් 150,000 කි.
ඉතිරි ලක්ෂ 2 සදහා 36% බැගින් බදු මුදල රුපියල් 72,000 කි.
ඒ අනුව ඔහු විසින් ගෙවිය යුතු සමස්ත බදු මුදල රුපියල් 492,000 ක් බව පෙනේ.
අප හිතනවා ඔබට නව බදු අනුපාත යටතේ 2025/26 බදු වර්ෂය සදහා ගෙවිය යුතු ආදායම් බද්ද ගනනය කිරීම ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
ඒ වාගේම වෘත්තීය බදු උපදේශකවරු වශයෙන් අප ඔබට සහයෝගය දෙනවා ඔබ විසින් ගෙවිය යුතු ආදායම් බදු මුදල ගනනය කිරීමට සහ ආදායම් බදු වාර්ථාව මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යොමු කිරීමට.
වැඩි විස්තර 071 4453229 අංකයට දුරකතන ඇමතුමක් දීමෙන් හෝ WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලබා ගත හැක.

ආදායම් බදු ටින් අංකය ලබා ගැනීම සදහා අයදුම් පත පිරවීම සහ දැනට ලබා දී ඇති තොරතුරු යාවත් කාලීන කර ගැනීම සදහා අමතන්න. 071 44...
23/04/2026

ආදායම් බදු ටින් අංකය ලබා ගැනීම සදහා අයදුම් පත පිරවීම සහ දැනට ලබා දී ඇති තොරතුරු යාවත් කාලීන කර ගැනීම සදහා අමතන්න. 071 44 53 229

සීමාසහිත පෞද්ගලික සමාගමක් ආරම්භ කරපුවහම ලැබෙන වාසි ගැන කතා කරද්දි ලැබෙන ප්‍රධානම වාසියක් තමයි නීතිමය පුද්ගලභාවයක් ලැබෙන ...
01/04/2026

සීමාසහිත පෞද්ගලික සමාගමක් ආරම්භ කරපුවහම ලැබෙන වාසි ගැන කතා කරද්දි ලැබෙන ප්‍රධානම වාසියක් තමයි නීතිමය පුද්ගලභාවයක් ලැබෙන එක​. ඒ කියන්නේ සමාගමේ නමින් නීතිමය කටයුතු වලදී පුද්ගලයෙක් ලෙස පෙනී හිටිය හැකිවීම​. උදාහරණයක් විදියට ව්‍යාපාරය සදහා ඉඩමක් මිලදී ගන්නවනම් සමාගමේ නමින්ම මිලදී ගත හැකි වීම​. තවත් උදාහරණයක් ගත්තොත් නඩු කටයුතු වලදි සමාගමේ නමින් පෙනී සිටිය හැකි වීම​. නමුත් තනි පුද්ගල ව්‍යාපාරයකදී මෙවැනි තත්වයක් නැහැ. සියලුම නීතිමය කටයුතු වලදී අයිතිකරුට පෞද්ගලිකව පෙනී සිටීමට සිදු වෙනවා. ඉදිරියේදී අප සීමාසහිත සමාගමක් ආරම්භ කරපුවහම ලැබෙන අනෙක් වාසි ගැනත් ආරම්භ කරන ආකාරය ගැනත් ඔබට පැහැදිලි කරනවා. ඒ වාගේම සීමාසහිත සමාගමක් ආරම්භ කරපුවහම ඇතිවන බැදීම් ගැනත් පැහැදිලි කරනවා.
ඔබත් ඔබගේ ව්‍යාපාරය සීමාසහිත පෞද්ගලික සමාගමක් බවට පරිවර්තනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් අපට කතා කරන්න​. සියළු කටයුතු නිවැරදිවත් කාර්‍යක්‍ෂමවත් අප විසින් කරලා දෙනවා.
0714453229
ප්‍රබුද්ධක සුමනරත්න - ගම්පහ

ඔබ හෝ ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන්, ආදායම් බදු වාර්ථා පිළියෙල කිරීම සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම, පැමිණ හෝ මාර...
25/02/2026

ඔබ හෝ ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන්, ආදායම් බදු වාර්ථා පිළියෙල කිරීම සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම, පැමිණ හෝ මාර්ගගත ක්‍රමයට, විස්වාසනීයව සිදු කර ගැනීමට කතා කරන්න. 071 44 53 229
ප්‍රබුද්ධක සුමනරත්න - ගම්පහ

2024/25 බදු වර්ෂය සදහා තක්සේරු කළ හැකි ආදායම වන ලක්ෂ 12 ට වඩා අඩු ආදායමක් ලැබූ හෝ කිසිම ආදායමක් නොලැබූ කෙනෙකුට පවතින බදු...
27/01/2026

2024/25 බදු වර්ෂය සදහා තක්සේරු කළ හැකි ආදායම වන ලක්ෂ 12 ට වඩා අඩු ආදායමක් ලැබූ හෝ කිසිම ආදායමක් නොලැබූ කෙනෙකුට පවතින බදු වර්ෂය වන 2025/26 වසර තුළ ලැබීමට නියමිත තක්සේරු කළ හැකි ආදායම ලක්ෂ 18 ට වඩා අඩු බව පෙනී යන්නේ නම්, එමෙන්ම ඉදිරි වර්ෂය තුළදීද ඉපැයිය හැකි ආදායම ලක්ෂ 18 ට වඩා අඩු වන බව හැගී යන්නේ නම් තමා වෙනුවෙන් ආරම්භ වී ඇති බදු ලිපිගොනුව අක්‍රීය කරන ලෙස දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලීමක් කළ හැකියි. ඒ නියමිත ලෙස පුරවන ලද TPR_012_S ඉල්ලුම් පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම මගින්. එම ඉල්ලුම් පත්‍රය සහ දිවුරුම් ප්‍රකාශ ආකෘතියක් ඔබගේ පහසුව සදහා පහත දක්වා ඇති සබැදියන්ගෙන් බාගත හැකි පරිදි අප යොමුකර තිබෙනවා. හැබැයි ඔබ විසින් මෙලෙස දිවුරුම් ප්‍රකාශයක් ලබා දීමට කටයුතුකල යුත්තේ ඔබගේ තක්සේරු කල හැකි ආදායම නියමිත අගයට වඩා අඩු වන්නේ නම් පමනයි. ඉන් පසු නියමිත ලෙස පුරවන ලද අයදුම් පත්‍රය සහ දිවුරුම් කොමසාරිස් වරයෙකු හෝ සාම විනිසුරුවරයෙකු ඉදිරියේ අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශය ඔබගේ ලිපිනය පිහිටි ස්ථානයට ආසන්න දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතු වෙනවා. එවිට ඔබගේ බදු ලිපි ගොනුව භාරව කටයුතු කරන නිලධාරීවරයා ඔබගේ බදු ලිපිගොනුව සහ ඔබ විසින් ලබාදෙන ලේඛන පරික්ෂා කර බලා ඔබගේ බදු ලිපිගොනුව අක්‍රීය කරනු ලබනවා. හැබැයි මේ වන විට ඔබ විසින් පසුගිය වසර වලට අදාළ බදු වාර්තා යවා නොමැති නම් ඒවාද නිසි පරිදි යවා තිබිය යුතු වෙනවා. ඒ වාගේම අපගේ අත්දැකීම අනුව වෘතිකයන්හට සහ ව්‍යාපාරිකයන් හට බදු ලිපිගොනු අක්‍රීය කළ නොහැකි බවද පෙනී යනවා. එසේම ඉදිරි වර්ශයකදී බදු ලිපි ගොනුව අක්‍රීය කරන ලද තැනැත්තෙකුගේ ආදායම නියමිත බදු නිදහස් සීමාව ඉක්මවා ගියහොත් ඔහු විසින් නැවත ඔහුගේ බදු ලිපි ගොනුව සක්‍රීය කරගත යුතු වෙනවා.

වැඩි විස්තර සදහා දුරකතන ඇමතුමක් ලබාදෙන්න. ඒවාගේම ඔබගේ ආදායම් වාර්ථාව නිවැරදිවත් විශ්වාසනීයවත් හදලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවන්නත් අපි ඔබට සහයෝගය දෙනවා සාධාරණ වෘත්තීය සේවා ගාස්තුවකට යටත්ව​. ඒ පිළිබද තොරතුරු 071 4453229 අංකයට කතා කිරීමෙන් හෝ WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලබා ගන්න පුළුවන්.
ප්‍රබුද්ධක සුමනරත්න - ගම්පහ

ඉල්ලුම් පත්‍රය : https://drive.google.com/file/d/1FoWkGfXTxoPHsv4ZqADQpOxQWMBzSyPA/view?usp=drive_link

දිවුරුම් ප්‍රකාශය : https://drive.google.com/file/d/1gmf8q0lkfagOr5OhHAOQEwxB_pr7ZeMM/view?usp=drive_link

දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මෙවැනි ලිපියක් ලද අය විසින් අපට කියන දෙයක් තමයි ඔවුන්ට නිල් රිටර්න් එකක් දාලා දෙන්න ක...
12/12/2025

දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මෙවැනි ලිපියක් ලද අය විසින් අපට කියන දෙයක් තමයි ඔවුන්ට නිල් රිටර්න් එකක් දාලා දෙන්න කියන එක. ඔවුන් එහෙම කියන්නේ ඔවුන්ගේ මිතුරෙකු හෝ යම් රජයේ නිලධාරියෙකු පැවසූ තොරතුරක් අනුව හෝ අන්තර්ජාලය පරිශීලනයෙන් ලද තොරතුරක් මත බව කරුණු විමසීමෙන් පෙනී යනවා. ඒ වගෙම නිල් රිටර්න් එකක් කිවුවහම ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ මේක යවද්දි තමන් උපයන ආදායම් කිසිවක් හෝ තමා සතු කිසිම වත්කමක් හෝ වගකීමක් ඇතුලත් කරන්න ඕනේ නැහැ කියලා. එය වැරදි මතයක්.

වර්තමාන නීතිය අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සෑම තැනැත්තෙකුම ටින් අංකයක් ලබා ගත යුතු වෙනවා. ඔවුන්ගෙන් සමහරෙක් 2023/24 සහ 2024/25 බදු වර්ෂයන්හි තම ආදායම එම වර්ෂයන්හි බද්ධට යටත් ආදායම වන ලක්ෂ 12 ට වැඩ් නිසා ස්ව කැමැත්තෙත් පුදගල ආදායම් බදු ලිපිගොනු විවෘත කරගෙන තිබෙන අතර, ආදායම් බදු දෙපාර්තමේන්තුවද ඔවුන් සතුව පවතින තොරතුරු මත ටින් අංක හිමියන් සදහා පුදගල ආදායම් බදු ලිපිගොනු විවෘත කර තිබෙනවා. එම අවස්ථාවන් වලදී බොහෝ විට ඒ බවට අදාළ ටින් අංකය, පින් අංකය, බදු ගෙවීම් සදහා වන ගෙවීම පත්‍රිකා ඔවුන් වෙත යවා තිබුනත් ගොඩදෙනෙක් තමන් වෙනුවෙන් බදු ලිපි ගොනුවක් විවෘතව පවතින බව දැනගෙන තිබෙන්නේ මෙම රතු පැහැති ලිපිය ලැබීමෙන් පසුව බව කරුණු විමසීමේදී දැන ගන්නට පුළුවන්.

දැන් බලමු නිල් රිටර්න් එකක් දාන්න පුළුවන් කාටද කියලා. නිල් රිටර්න් එකක් දාන්න පුළුවන් ඉහත සදහන් කල වර්ෂ වල බද්ධට යටත් ආදායම ලක්ෂ 12 ට වඩා අඩු අයට. මෙතන ඉන්න පුළුවන් වර්ෂය තුළ කිසිම ආදායමක් නොලබන ගෘහනියක්. නමුත් පිටරට ඉන්නා සැමියා හෝ දරුවෙකු ඇයගේ බැංකු ගිණුමට මුදල් එවීම හෝ ඔවුන් ඇයට මෝටර් රථයක් තෑගි ලෙස ලබා දීම නිසා ඇයට බදු ලිපිගොනුවක් විවෘත පවතිනවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගික භාවිතය තුළ ඇයටත් තම බැංකු ගිණුමේ පවතින මුදල් ශේෂය මත යම් පොළී ආදායමකුත් ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙනම් අප විසින් නිල් රිටර්න් එකක් යැවීමේදී කිසිම ආදායමක් නොලබන්නේ නම් ඒ බව සදහන් කරන අතර ලක්ෂ 12 ට වඩා අඩු ආදායමක් ලබනවා නම් එම ආදායම මෙහි සදහන් කළ යුතු වෙනවා. උදාහරණයක් ලෙස මාසිකව රුපියල් 50,000 ක දළ වැටුපක් ලබන අයෙකු ඔහුගේ සේවා නියුක්තියෙන් ලබන වාර්ෂික ආදායම ලෙස රුපියල් ලක්ෂ 6 එහි සදහන් කළ යුතු වෙනවා. හැබැයි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් තම ලාභය ලක්ෂ 12 ට අඩු වුනත් එය ගනනය කල හැටි දක්වන ගිණුම් වාර්ථාද ඇමුණුම් ලෙස ලබා දිය යුතු වෙනවා. ඒවාගේම ඕනෑම බදු වාර්ථාවක් යවන්නෙකු අදාළ වර්ෂයේ මාර්තු 31 දිනට පවතින තම වත්කම් සහ වගකීම් පිළිබද ප්‍රකාශනයක්ද මේ සමග යැවිය යුතු වෙනවා. එහි තම නමට පවතින නිවාස සහ ඉඩම් පිළිබද තොරතුරු, වාහන, බැංකු ගිණුම් ශේෂ වාගේම ලබා ගෙන තිබෙන ණය පිළිබද තොරතුරුද ඇතුලත් කල යුතු වෙනවා. අපි හිතනවා දැන් ඔබගේ බද්ධට යටත් ආදායම ලක්ෂ 12 ට අඩු වුනත් ඔබ විසින් යැවිය යුතු නිල් රිටර්න් එක ගැන අදහසක් ලැබෙන්න ඇති කියලා.

ඒවාගේම ඔබ විසින් යැවිය යුතු බදු වාර්ථා යැවීමෙන් පසුව ඔබ වර්තමාන බද්දට යටත් ආදායම වන ලක්ෂ 18 ට වඩා අඩු ආදායමක් ලබන්නෙක් නම් ඔබට හැකියාව තිබෙනවා දිවුරුම් ප්‍රකාශනයක් මගින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන්න ඔබගේ බදු ලිපිගොනුව අක්‍රීය කරන්න කියලා. එවිට ඔබගේ තොරතුරු පරිශීලනය කර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔබගේ බදු ලිපි ගොනුව අක්‍රීය කරනු ලබනවා. එසේ කලහොත් ඔබට ඉදිරි වර්ෂයේදී බදු වාර්ථා යැවීමට සිදු වෙන්නේ නැහැ.

ඒවාගේම ඔබගේ ආදායම් වාර්ථාව නිවැරදිවත් විශ්වාසනීයවත් හදලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවන්නත් අපි ඔබට සහයෝගය දෙනවා සාධාරණ වෘත්තීය සේවා ගාස්තුවකට යටත්ව​. ඒ පිළිබද තොරතුරු 071 4453229 අංකයට කතා කිරීමෙන් හෝ WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලබා ගන්න පුළුවන්.
ප්‍රබුද්ධක සුමනරත්න - ගම්පහ

වර්තමානයේ ඇතිවී තිබෙන ආපදා තත්වය ගොඩදෙනෙක් අපගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද රජයට කරන පරිත්‍යාගයන් ආදායම් බදු වලට බලපාන...
08/12/2025

වර්තමානයේ ඇතිවී තිබෙන ආපදා තත්වය ගොඩදෙනෙක් අපගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද රජයට කරන පරිත්‍යාගයන් ආදායම් බදු වලට බලපාන්නේ කියලා. මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්.

මේ සදහා අවධානය යොමුකරද්දී අප යොමු වෙන්න ඕනේ 2017 අංක 24 දේශීය ආදායම් පනතේ 52 වන වගන්තියට සහ පස්වන උපලේකනයට. පනතේ 52 වන වගන්තියයේ 1 වන උප වගන්තියේ කියනවා පුද්ගලයෙකු හෝ ආයතනයක් (හවුල් ව්‍යාපාර සහ සංස්ථාපිත සමාගම්) තම බද්ධට යටත් ආදායම ගනනය කිරීමේදී තම සමස්ථ තක්සේරු කළ හැකි ආදායමෙන් 5 වන උපලේකනයේ සදහන් සුදුසුකම් ලබන ගෙවීම් අඩුකරගන්න පුළුවන් කියලා.

එහෙනම් දැන් බලමු 5 වන උපලේකනයේ තියෙන සුදුසුකම් ලබන ගෙවීම් මොනවද කියලා. එහි 1 ආ වගන්තියේ දක්වා තිබෙනවා පහත දක්වා ඇති ආයතනයන්ට කරනු ලබන ගෙවීම් සීමාවකින් තොරව පුද්ගලයන්ට සහ ආයතනයන්ට තම තක්සේරු කළ හැකි ආදායමෙන් අඩුකල හැකි බව. එහෙනම් අපි බලමු මොනවද එම ආයතන කියලා.

1. ශ්‍රී ලංකා ආණ්ඩුව
2. පළාත් පාලන ආයතනයක්
3. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවන ලද හෝ පිහිටුවන ලදැයි සලකණු ලබන යම් උසස් අධ්‍යාපන ආයතන‍යක්
4. 1981 අ‍ංක 74 දරණ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පනත මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හෝ යම් උසස් අධ්‍යාපන ආයතනයක්
5. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද අරමුදලක්
6. පළාත් පාලන ආයතනයක් මගින් පිහිටුවන ලද, අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද අරමුදලක්
7. 1979 අංක 17 දරණ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පනත මගින් පිහිටුවන ලද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද සහ පාලනය කරනු ලබන සෙවන අරමුදල​
8. පළාත් සභාවක් මගින් පිහිටුවන ලද සහ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද යම් අරමුදලක්
9. 2008 අංක 6 දරණ අපි වෙනුවෙන් අපි අරමුදල් පනත මගින් පිහිටුවන ලද අපි වෙනුවෙන් අපි අරමුදල​
10. 2006 අංක 34 දරණ ශ්‍රී ලංකා ජාතික වකුගඩු පදනම (සංස්ථාගත කිරීමේ) පනත යටතේ පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදල​.

පවතින තත්වය මත රජය විසින් ඇති කරන ලද Rebuilding Sri Lanka අරමුදල ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද අරමුදලක් ලෙස හදුනාගත හැකි අතර ඔබ විසින් පාසලකට, රෝහලකට කරන පරිත්‍යාගයක් ප්‍රායෝගික භාවිතය තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවට කරන පරිත්‍යාගයක් ලෙස හදුනාගත හැකියි.

නමුත් ඔබ එසේ ලබාදෙන පරිත්‍යාගයන් සම්බන්ධයෙන් එම පරිත්‍යාග ලබා ගත් ආයතනයෙන් ඔවුන් එම පරිත්‍යාගය ලබාගත් බවට ලේකනයක් ඔබ විසින් ලබා ගත යුතු අතර ඔබ විසින් දරණ ලද වියදම් සම්බන්ධවද අදාල බිල්පත් සහ ලේකන ඔබ සතුව පැවතිය යුතුය. ඒවා ආදායම් බදු වාර්තාව යැවීමේදී ඔබ විසින් කල සුදුසුකම් ලබන ගෙවීම සනාථ කිරීමට අත්‍යවශ්‍ය වෙනවා.

එහෙනම් දැන් බලමු උදාහරණයක් අරගෙන එවැනි පරිත්‍යාගකින් ඔබ විසින් ගෙවන බදු මුදලට මොනවගේ බලපෑමක් ඇති වෙනවද කියලා.

අපි හිතමු 2025/26 බදු වර්ෂයේ (2025.04.01 සිට 2026.03.31 දක්වා) ඔබගේ සමස්ත තක්සේරු කළ හැකි ආදායම (රැකියාවෙන් ලැබෙන දළ වැටුප, ව්‍යාපාරික ලාභය, ආයෝජන ආදායම් සහ වෙනත් ආදායම් යන්නේ එකතුව) රුපියල් ලක්ෂ 50 ක් කියලා. එසේ වූ විට වර්ෂය සදහා ඔබට හිමි බදු නිදහස් දීමනාව වන ලක්ෂ 18 අඩුකළ විට ඔබගේ බද්දට යටත් ආදායම ලක්ෂ 32 ක් වෙනවා. එවිට ඔබ විසින් ගෙවිය යුතු බදු මුදල පහත පරිදි ගනනය කළ හැකියි.
පළමු රුපියල් ලක්ෂ 10 සදහා x 6% = 60,000
දෙවන රුපියල් ලක්ෂ 5 සදහා x 18% = 90,000
තුන්වන රුපියල් ලක්ෂ 5 සදහා x 24% = 120,000
සිවුවන රුපියල් ලක්ෂ 5 සදහා x 30% = 150,000
ඉතිරිය සදහා එනම් ලක්ෂ 7 සදහා x 36% = 252,000 වශයෙනි. එවිට සමස්ත වශයෙන් රුපියල් 672,000 ක මුදලක් ඔබට ආදායම් බදු වශයෙන් ගෙවීමට සිදුවේ.

දැන් හිතමු ඔබ විසින් ඔබගේ ආදායමෙන් ලක්ෂ 10 ක් ඉහත සදහන් කළ ආයතනයකට පරිත්‍යාග කලා කියලා. එවිට ඔබ විසින් ගෙවිය යුතු ආදායම් බදු මුදල පහත සදහන් පරිදි ගනනය කළ හැකිය.
ඔබගේ තක්සේරු කළ හැකි ආදායම = 5,000,000
අඩු කළා : බදු නිදහස් දීමනාව = (1,800,000)
අඩු කළා : සුදුසුකම් ලබන ගෙවීම් (ඔබ විසින් කළ පරිත්‍යාගය) = (1,000,000)
එවිට ඔබගේ බද්දට යටත් ආදායම = 2,200,000

එසේ වූ විට ඔබ විසින් ගෙවිය යුතු බදු මුදල පහත පරිදි ගනනය කළ හැකියි.
පළමු රුපියල් ලක්ෂ 10 සදහා x 6% = 60,000
දෙවන රුපියල් ලක්ෂ 5 සදහා x 18% = 90,000
තුන්වන රුපියල් ලක්ෂ 5 සදහා x 24% = 120,000
ඉතිරි ලක්ෂ 2 සදහා සදහා x 30% = 60,000 ක් වශයෙන් සමස්ත බදු මුදල 330,000 කි.

ඒ අනුව ඔබ කළ පරිත්‍යාගය රුපියල් ලක්ෂ 10 නිසා ඔබ විසින් ගෙවිය යුතු වූ බදු මුදල රුපියල් 342,000 කින් අඩු වී ඇත. මින් පැහැදිලි වන්නේ ඔබ කළ පරිත්‍යාගයෙන් සැබැවින්ම ඔබ විසින් දරා ඇත්තේ රුපියල් 658,000 ක් මුදලක් එනම් 65.8% ක ප්‍රතිශතයක් වන අතර ලැබිය යුතු බදු ආදායම අඩු වීම නිසා රුපියල් 342,000 ක් එනම් 34.2% ක ප්‍රතිශතයක් රජය විසින් වක්‍ර ආකාරයෙන් දරා ඇති බවයි.

තවත් ආකාරයකින් කිවහොත් රුපියල් 3,200,000 ක බද්දට යටත් ආදායමක් හිමි ඔබ විසින් රුපියල් 672,000 ක ආදායම් බද්දක් ගෙවීමෙන් පසු ඔබට රුපියල් 4,328,000 ක් (2,528,000 + 1,800,000) පවතින අතර රුපියල් 2,200,000 බද්දට යටත් ආදායමක් හිමි ඔබ විසින් රුපියල් රුපියල් 330,000 ක ආදායම් බද්දක් ගෙවීමෙන් පසු ඔබට රුපියල් 3,670,000 ක් (1,870,000+1,800,000) ක් පවතී. ඔබ විසින් රුපියල් 1,000,000 ක පරිත්‍යාගයක් කලත් ඔබ විසින් සැබවින්ම ලබා දී ඇත්තේ රුපියල් 658,000 කි. (4,328,000 - 3,670,000) කි. බදු වලින් ලද ඉතුරුව රුපියල් 342,000 කි.

ප්‍රබුද්ධක සුමනරත්න​
0714453229

🔴🔴ආදායම් බදු ගනනය කරන හැටි🔴🔴ආදායම් බදු වාර්තාව යවන්න බලාපොරොත්තුවෙන් සිටින ගොඩදෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි 2024-2025...
11/11/2025

🔴🔴ආදායම් බදු ගනනය කරන හැටි🔴🔴
ආදායම් බදු වාර්තාව යවන්න බලාපොරොත්තුවෙන් සිටින ගොඩදෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි 2024-2025 අවුරුද්දට එනම් 2024.04.01 දින සිට 2025.03.31 දින දක්වා කාල සීමාවට, පුද්ගලයෙකුගේ ආදායම් බද්දෙන් නිදහස් ආදායම, කොපමනද යන්නත් ඉන් පසු බදු ගනනය කරන්නේ කෙසේද යන්නත්.

2024-2025 වර්‍ෂය සදහා බදු නිදහස් ආදායම රුපියල් ලක්‍ෂ 12 කි. ඊට වඩා ආදායම් ලබන තැනැත්තන්, ක්‍රමයෙන් වැඩි වන ආදායම් බදු අනුපාත යටතේ තම ආදායම් බද්ධ ගනනය කළ යුතුවේ. ඒ පහත දැක්වෙන අනුපාතයන් යටතේය​.

බදු නිදහස් ආදායම් සීමාව රුපියල් ලක්‍ෂ 12 කි.
ඊට වඩා වැඩි වන පළමුවන රුපියල් ලක්‍ෂ 5 ට බදු අනුපාතය 6% කි.
දෙවන ලක්‍ෂ 5 ට බදු අනුපාතය 12% කි.
තුන්වන ලක්‍ෂ 5 ට බදු අනුපාතය 18% කි.
හතරවන ලක්‍ෂ 5 ට බදු අනුපාතය 24% කි.
පස්වන ලක්‍ෂ 5 ට බදු අනුපාතය 30% කි. සහ​
ඊට වඩා වැඩිවන සමස්ථය සදහා බදු අනුපාතය 36% ක් වශයෙනි.

තවදුරටත් පැහැදිලි කර ගැනීම සදහා උදාහරණයක් අරගෙන බලමු.

අපි හිතමු කෙනෙකුගේ 2024-2025 වසරේ කෙනෙකුගේ සමස්ථ ආදායම රුපියල් ලක්‍ෂ 25 ක් කියලා. එහෙම වූවිට ඔහු ආදායම් බදු නිදහස් සීමාවට වඩා රුපියල් ලක්‍ෂ 13 ක් උපයා ඇත​. එවිට ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද පහත පරිදි ගනනය කළ හැකිය​.

බදු නිදහස් සීමාවට වඩා වැඩිවන පළමු වන ලක්‍ෂ 5 සදහා : 500,000 X 6% = 30,000 ක්
දෙවන ලක්‍ෂ 5 සදහා : 500,000 X 12% = 60,000 ක්
ඉතිරි ලක්‍ෂ 3 සදහා : 300,000 X 18% = 54,000 ක් වශයෙන්
ගෙවිය යුතු සමස්ථ ආදායම් බදු මුදල රුපියල් 144,000 ක් වශයෙනි.

අප හිතනවා ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්න ඇති කියලා.

ඒවාගේම ඔබගේ ආදායම් වාර්ථාව නිවැරදිවත් විශ්වාසනීයවත් හදලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවන්නත් අපි ඔබට සහයෝගය දෙනවා සාධාරණ වෘත්තීය සේවා ගාස්තුවකට යටත්ව​.
වැඩි විස්තර සදහා කතා කරන්න නැත්නම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න​.
071 4453229.
ප්‍රබුද්ධක සුමනරත්න - ගම්පහ

අපිට කතා කරන ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේ ලේඛන දෙක ලැබුනට ඔවුන්ගේ ආදායම 2024/25 අවුර...
28/10/2025

අපිට කතා කරන ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේ ලේඛන දෙක ලැබුනට ඔවුන්ගේ ආදායම 2024/25 අවුරුද්දේ බදු නිදහස් සීමාවට එනම් රුපියල් ලක්ෂ 12 ට අඩු නිසා මේවා ගනන් නොගෙන හිටිය හැකිද යන්න. මේකට ලබා දිය හැකි පිළිතුර කොටස් දෙකකින් සමන්විතයි. ඉන් පළමුවැන්න තමයි ඔබගේ එම වර්ෂයේ ආදායම රුපියල් ලක්ෂ 12 ට වඩා අඩු නිසා ඔබට බදු ගෙවීමේ වගකීමක් නොමැති බව. දෙවැන්න තමයි ඔබගේ වාර්ෂික ආදායම් වාර්ථාව නොවෙම්බර් 30 දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවිය යුතු බව. ඒ මාර්ගගත ක්‍රමය ඔස්සේ. ඔබට මෙම ගෙවීම් පත්‍රිකාව සහ ආදායම් වාර්ථාව ලැබෙනුයේ ඔබට දැනටමත් ආදායම් බදු ලිපි ගොනුවක් විවෘතව පවතින නිසා බව ඔබ දැන ගත යුතුයි. ඔබ ආදායම් බදු ගෙවීමේ සීමාවේ නොසිටින කෙනෙක් වුවත් ඔබ විසින් ඔබ ලබන ආදායම ඇතුළත් කරලා 2025.03.31 දිනට ඔබ සතුව පවතින වත්කම් වගකීම් ඇතුළත් කරලා ඔබගේ ආදායම් වාර්ථාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවිය යුතු වෙනවා. එසේ නොකළහොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබදවද අපෙන් ගොඩ දෙනෙක් විමසනවා. ඒ පිළිබදව සදහන් වෙන්නේ 2017 අ‍ංක​ 24 දරණ දේශීය ආදායම් පනතේ 178 වන වගන්තියේ. එහි සදහන් වෙනවා රුපියල් 50,000 ක් සහ ආදායම් වාර්ථාව යැවීම පමාවන මාසයක් හෝ මාසයක කොටසක් සදහා රුපියල් 10,000 බැගින් වන දඩයකට යටත් වන බව. ඒ වාගේම අයකළ හැකි උපරිම දඩ මුදල රුපියල් 400,000 ක් උපරිමයකට සීමා වෙන බවද සදහන් වෙනවා. ඒ වාගේම පනවනලද දඩ මුදලක් හෝ ඉන් කොටසක් ඉවත්කිරීමේ බලය ආදායම් බදු කොමසාරිස් ජෙනරාල් සතු බවද පනතේ 176 වන වගන්තියේ සදහන් වෙනවා. එහෙනම් අප විසින් දැනගත යුතුයි බදු ලිපි ගොනුවක් විවෘත වෙලා තියෙන අප අනිවාර්‍යයෙන්ම 2024/25 ආදායම් බදු වාර්ථාව 2025 නොවෙම්බර් 30 ට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ යුතු බව. අප හිතනවා ඔබට මේ පිළිබඳව පැහැදිලි වෙන්න ඇති කියලා.
ඒවාගේම ඔබගේ ආදායම් වාර්ථාව නිවැරදිවත් විශ්වාසනීයවත් හදලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවන්නත් අපි ඔබට සහයෝගය දෙනවා සාධාරණ වෘත්තීය සේවා ගාස්තුවකට යටත්ව​.
වැඩි විස්තර සදහා කතා කරන්න නැත්නම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න​. 071 4453229. ප්‍රබුද්ධක සුමනරත්න - ගම්පහ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මෙවැනි පත්‍රිකාවක් ලැබුන අය අපගෙන් අහපු ප්‍රදාන කාරනයක් තමයි ඔවුන්ගේ ආදායම බදු නිදහස් සීම...
13/10/2025

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මෙවැනි පත්‍රිකාවක් ලැබුන අය අපගෙන් අහපු ප්‍රදාන කාරනයක් තමයි ඔවුන්ගේ ආදායම බදු නිදහස් සීමාව තුළ තියෙන නිසා මේ පිළිබදව අමතක කර සිටිය හැකිද යන්න. නමුත් අප දැන ගත යුතුයි අපට මෙම පත්‍රිකාව ලැබුනහම බදු නිදහස් සීමාව තුළ සිටියත් කළ යුතු තවත් එක් දෙයක් තිබෙන බව. ඒ තමයි වාර්ෂික බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොවැම්බර් 30 ට පෙර ඔන්ලයින් ක්‍රමයට යොමු කළයුතු බව. ඒ වර්ෂය තුළ තමන්ට තිබුන ආදායම ඇතුළත් කරලා ඒවාගේම මාර්තු 31 දිනට​ තමන් සතුව පැවති වත්කම් සහ තමන්ට තිබූ වගකීම් ඇතුලත් කරලා. ඒ වාගේම තමන්ට වර්ෂය තුළ කිසිම ආදායමක් නොතිබුනා නම් ඒත් මාර්තු 31 දිනට​ තමන් සතුව පැවති වත්කම් සහ තමන්ට තිබූ වගකීම් ඇතුලත් කරලා මෙම වාර්ෂික වාර්තාව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුයි. ඒ ඔබට මෙම ගෙවීම් පත්‍රිකාව ලැබුනේ දැනටමත් ඔබ වෙනුවෙන් පුද්ගල ආදායම් බදු ලිපිගොනුවක් විවෘතව ඇති නිසා. නමුත් වෙම වාර්තාව යොමු කිරීමෙන් පසු, බදු නිදහස් සීමාව තුළ සිටින ඔබට හැකියාව තිබෙනවා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව​ ඉල්ලීමක් කරන්න ඔබගේ බදු ලිපි ගොනුව අක්‍රීය කර දෙන ලෙස. එවිට ඔවුන් ඔබ ලබා දෙන තොරතුරු මත ඔබගේ බදු ලිපි ගොනුව අක්‍රීය කර දෙනවා. නමුත් ඔබගේ ආදායම නැවත බදු නිදහස් සීමාවට වඩා ඉහළ ගිය විටක නැවත ඔබගේ බදු ලිපි ගොනුව සක්‍රීය කර ගත යුතු වෙනවා. වාර්ෂික ආදායම් බදු වාර්තාව යොමු නොකිරීමෙන් දේශීය ආදායම් පනතට අනුව ඔබට ඇති විය හැකි ප්‍රතිවිපාක ගැන අප ඉදිරියේදී දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒවාගේම ඔබගේ ආදායම් බදු වාර්ථාව නිවැරදිවත් විශ්වාසනීයවත් හදලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවන්නත් අපි ඔබට සහයෝගය දෙනවා සාධාරණ වෘත්තීය සේවා ගාස්තුවකට යටත්ව​. වැඩි විස්තර දැන ගන්න 071 4453229 අංකයට දුරකතන ඇමතුමක් ලබා දෙන්න.
ප්‍රබුද්ධක සුමනරත්න - ගම්පහ

Address

Gampaha
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Prabuddaka Sumanarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prabuddaka Sumanarathna:

Share